ලුක් ආනන්දප්පා
28
මා කුඩාකල පටන් මගේ දෙමව්පියන් අතර තිබුනේ මහත්වූ අසමාදානයක්ය. දිනක් මාගේ මව එක් රෝහලකට ගිය අවස්ථාවක එහි සිටි වෛද්‍යවරියක් මගින් ශාලොම් යාච්ඤා පවුල ගැන දැන ගැනීමට අවස්ථාවක් ලැබුණේය. පසුව ශාලොම් යාච්ඤා පවුලට සහභාගී වීමෙන් පසු උන්වහන්සේ මගේ දෙමව්පියන් වෙනස් කළේය.
ලුක් ආනන්දප්පා 2015.12.27

ලුක් ආනන්දප්පා 2015.12.27

උපතින් කිතුනුවෙකු වූ මා වයස අවුරුදු 13 දී පමණ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස පිළිගෙන උන්වහන්සේ තුල මාගේ කිතුනු ගමන පටන් ගතිමි. උසස්පෙළින් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිණුම්කරණ පාඪමාලාවක් හදාරමින් සිටි අතර ඒ සඳහා අවශ්‍ය මුදල් දෙමව්පියන්ගෙන් ඉල්ලීම වෙනුවට මා හට තනිවම සොයා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ප්‍රසිද්ධ නගරයක පදිකවේදිකාවේ දුරකථන සිම්පත් අලෙවි කිරීමට මා හට සිදුවිය. බස් රියදුරන්, කොන්දොස්තරවරුන්, යාචකයන් පවා ආහාර ගන්නා ස්ථානවල අහාර ගැනීමට මාහට සිදුවුනි. මා හඳුනන අය මුණගැසෙනවිට ඔවුන් මගහරිමින් ලැජ්ජාවෙන් සහ බියෙන් කාලය ගතකිරීමට සිදුවිය. නිතර රැකියාවන් සඳහා අයදුම් කලද කිසිඳු රැකියාවක් මාහට නොලැබුනේය. මාගේ සමවයසේ යහළුවන් හොඳ රැකියා කරන විට මට මා ගැන ඇතිවුනේ මහත් වූ පිලිකුලක්, කලකිරීමක් සහ තනිකමක්ය. මම උන්වහන්සේගෙන් නිතර අසා සිටියේ ඔබ වහන්සේ මට මෙහෙමෙ කරන්නේ ඇයිදැයි කියාය. 2009.04.26 උන්වහන්සේගේ දාසයෙකු තුලින් මාහට කතාකරමින්, ‘මා රැකියාවක් ගැන කරදර වෙන බවත් උන්වහන්සේ මට හොඳම දෙය දෙන බවත් කියා සිටියාය’. ජීවිතය කොතරම් අමිහිරි වුවද උන්වහන්සේගේ වචනය මා ජිවත් කළේය. මා කුඩාකල පටන් මගේ දෙමව්පියන් අතර තිබුනේ මහත්වූ අසමාදානයක්ය. දිනක් මාගේ මව එක් රෝහලකට ගිය අවස්ථාවක එහි සිටි වෛද්‍යවරියක් මගින් ශාලොම් යාච්ඤා පවුල ගැන දැන ගැනීමට අවස්ථාවක් ලැබුණේය. පසුව ශාලොම් යාච්ඤා පවුලට සහභාගී වීමෙන් පසු උන්වහන්සේ මගේ දෙමව්පියන් වෙනස් කළේය. අසමත් වෙමින් තිබු විභාග වලින් මා හට සමත් වීමට හැකිවූ අතර යම්තාක් දුරට හොඳ රැකියාවක් ලබා ගැනීමටද උන්වහන්සේ උපකාරවිය. මේ සියලු අභියෝග අතරතුර උන්වහන්සේ මා ලඟින් සිටියා සේම මාව අත්නෑරිය තවත් අයෙක් මා සමග සිටියේය. ඒ මාගේ ජිවන සහකාරිය කරගැනීමට මා තෝරාගෙන සිටි තරුණියයි. ඇය විශ්ව විද්‍යාලයේ ජිව විද්‍යාව පිලිබඳ විශේෂ උපාධියක් හදාරමින් සිටියේය. අවසන් විභාගයෙන් හොඳින් සමත්වුණු ඇයගේ එකම බලාපොරොත්තුව වුයේ පශ්චාත් උපාධියක් සඳහා එක්සත් ජනපදය වෙත යාමටය. නමුත් මාගේ බලාපොරොත්තුව වුයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හදාරමින් හොඳ රැකියාවක් කිරීමටයි. එමනිසා අපගේ අදහස් අතර තිබුනේ පරස්පර විරෝධී ගැලපීමක්ය. මේ සියලු කාරණා අතරතුර අප දෙදෙනා හට විවාහ වීමට කාලය පැමිණ තිබුණේය. නමුත් ඒ සඳහා අවශ්‍ය කිසිඳු මුදලක් මාහට නොතිබුණි. මාගේ දෙමව්පියන් ඒ ගැන බොහෝ කරදර විය. නමුත් උන්වහන්සේ සහෝදරියන් දෙදෙනෙකුට කතාකරමින් විවාහයට අවශය විශාල මුදලක් මාහට ලබා දුන් අතර දෙවියන්වහන්සේගේ ආශිර්වාදය තුල මගේ විවාහය හොඳින් කරගැනීමට හැකිවිය. විවාහවී අප දෙදෙනා හොඳින් සිටියද අපගේ අනාගත අරමුණු අතර තිබු නොගැලපීම මත අප අසරණවී සිටියේය. අප මේ ගැන ශාලොම් යාච්ඤා පවුලේ දෙව්සේත් සහෝදරයා සමග කතා කළේය. මේ වනවිට මාගේ භාර්යාව පශ්චාත් උපාධියක් සඳහා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල අටකට පමණ අයදුම් කර තිබුනද කිසිවකින්වත් ඇයට ශිෂ්‍යත්වයක් ලබාදීමට ඉදිරිපත් නොවීය. ඒ මත ඇය බොහෝසේ මානසිකව වැටී සිටියාය. නමුත් දේව දාසයා තුලින් උන්වහන්සේ අප හට කියා සිටියේ අප දෙදෙනා අතර නොගැලපෙන අරමුණු ඇතත් එම අරමුණු එකිනෙකට කැපියන ස්ථානයේදී උන්වහන්සේ අපහට මහත්වූ දෙයක් කරන බවය. තව දුරටත් උන්වහන්සේගේ දාසය කියා සිටියේ එක්සත් ජනපදයට අයදුම් කලසේම කැනඩාව සඳහාද අයදුම් කරන ලෙසයි. එය අසා අප තරමක් එය අවිශ්වාස කළේය. මන්ද එක්සත් ජනපදයට සාපේක්ෂව කැනඩාව ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම අතින් සිටියේ අවම ස්ථානයකයි. තවද අප අඳුරන කිසිවෙකු කැනඩාවේ සිටියේ නැත. නමුත් උන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් අප කැනඩාව සඳහා අයදුම් කළෙමු.නොබෝ දිනකින් මගේ භාර්යාවට කැනඩාවෙන් උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබුනේය. අප ඒ පණිවිඩය රැගෙන නැවත ශාලොම් පවුලවෙත ගොස් සහෝදර දෙව්සේත් හට පැවසුවෙමු. එවිට ඔහු කියා සිටියේ මාගේ භාර්යාව අධ්‍යාපනය අතින් ඉහලම ස්ථානයකට උන්වහන්සේ රැගෙන යනබවත් මා හට කැනඩාවේදී උන්වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් සේවයක් කිරීමට ඇති බවත්ය. මේ වනවිට අප වීසා සඳහා අයදුම් නොකර තිබුනද උන්වහන්සේගේ දාසය කියා සිටියේ වර්ෂ 2016 අරම්භ වනවිට අප කැනඩාවට ගොස් ඇති බවය. අප වීසා සඳහා කිසිඳු අයෙකුගේ උපකාරයක් නොමැතිව අයදුම් කල අතර ඒ සඳහා ලක්ෂ 17 ක පමණ මුදලක් උන්වහන්සේ මුදල් ඇති අය මාර්ගයෙන් අපහට ලබා දුන්ණේය. උන්වහන්සේගේ අධික කරුණාවෙන් මටත් මගේ භාර්යාවටත් 2015.12.18 දින කැනඩාවට ඒමට හැකිවිය. අද වනවිට ඇය ඇගේ පශ්චාත් උපාදිය හැදෑරීමට කටයුතු කරන අතර මා උන්වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. 2015.01.01 දින මාගේ පොරොන්දුවේ වචනය වන යෙසායා 54:1-17 පදයෙන් උන්වහන්සේ මාහට කතාකරමින් කියා සිටියේ “නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාල කරපන්න, ඔව්හු නුඹේ වාසස්ථාන වල තිර දිගහරිත්වා, වලක්වා නොගනින්න. නුඹේ ලනු දික් කර නුඹේ ඇණ සවිකරපන්න. මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිර යනවා ඇත, නුඹේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත. භය නොවන්න, මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න නුඹ නින්දාවට නොපැමිනෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහි නැති කරන්නෙහිය” යනුවෙනි. උන්වහන්සේ මාහට දුන් පොරොන්දුව ප්‍රකාරයටම අද දින වනවිට විදේශ ජාතියකගේ දේශයකට උන්වහන්සේගේ වචනය රැගෙන යාමට මා තෝරාගෙන ඇති අතර මාගේ යෞවන කාලයේ ලජ්ජාව මාගෙන් පහකර ඇත. ජිවිතයේ අරමුණක්, බලාපොරොත්තුවක් නොමැතිව හුදකලාවී සිටි මා මඩ ගොහොරෙන් ඔසවා, අපගේ ජිවිත ආත්මික ත්‍යාගවලින් සරසා, අපගේ ජිවන මග වෙනස් කල කිතුසමිදානන් හට මගේ සියලු ස්තුතිය, ගෞරවය සහ ප්‍රසංශාව පුදකරන අතර ශාලොම් පවුලට තව දිගු ගමනකට ආසිරි පතමි. ලුක් ආනන්දප්පා 2015.12.27