ආන්දවන්
40
මම ඉස්සර රෝමාණු කතෝලික සභාවේ හිටියේ. හැමදාම බිව්වා, ගොඩක් අය එක්ක රණ්ඩු වුණා. ඒ වගේ වැඩ නිසා 7 පාරක් හිරේ ඉන්න සිද්ද වුණා. අන්තිමට රණ්ඩු වෙලා මැගසින් බන්ධනාගාරයේ අවුරුදු දෙකක් ඉන්න සිද්ද වුණා. ඒ වෙලාවේ තමයි දෙවියන් වහන්සේ මාව ස්පර්ශ කරේ. මම දෙවියන් වහන්සේ
ආන්දවන්

ආන්දවන්

මම ඉස්සර රෝමාණු කතෝලික සභාවේ හිටියේ. හැමදාම බිව්වා, ගොඩක් අය එක්ක රණ්ඩු වුණා. ඒ වගේ වැඩ නිසා 7 පාරක් හිරේ ඉන්න සිද්ද වුණා. අන්තිමට රණ්ඩු වෙලා මැගසින් බන්ධනාගාරයේ අවුරුදු දෙකක් ඉන්න සිද්ද වුණා. ඒ වෙලාවේ තමයි දෙවියන් වහන්සේ මාව ස්පර්ශ කරේ. මම දෙවියන් වහන්සේව පිළිගත්තේ හිරේ මාස 6ක් ඉන්න අතරේ. කෙනෙක් ගෙන් මම සුභාරංචිය ඇහුවා, ඊට පස්සේ මට ලොකුවට වෙනසක් දැනුනා. බොන්න එපා වුණා. පස්සේ මම හිරේදී සුභාරංචිය දේශණා කරන්න පටන් ගත්තා, යාච්ඤා කරා, බෞද්ධ සහ හැම ආගමකම අයට සුභාරංචිය දේශණා කරා. ගොඩක් දෙනෙක් ඒක අහලා ගැලවීම ලැබුවා. මම අවුරුදු දෙකකට පස්සේ හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ල ඉන්න අතරේ මට ලොකු අසනීපයක් හැදුණා. මගේ අත් දෙකයි කකුල් දෙකයි දෙකම පණ නැති වුණා, අංශ භාගේ වගේ. ඒ වෙනකොට මට ළමයි 3 දෙනෙක් හිටියා. හරිම දුකෙන් තමයි අපි ජිවත් වුණේ. ඒත් ඒ වෙලාවේ අපේ ගමේ අහල පහළ ඉන්න අය මාව කොන් කරා, පහත් කරා, කිසිම ආකාරයකින් සැලකුවේ නැ, අපිව ප්‍රතික්ෂේප කරලයි තිබුණේ. මෙහෙම මාස දෙක තුනක් ගෙවිලා ගිය, නමුත් මම හැම වෙලාවේම දෙවියන් වහන්සේ තුළ හිටියා, යාච්ඤා කළා. හැබැයි මම ඇදේ ඉදන් තමයි යාච්ඤා කළේ. දවසක් මම එහෙම ලෙඩ ඇදට වෙලා යාච්ඤා කර කර ඉන්න කොට එක පාරටම එළියක් මගේ ඇගට වැදුණා, ඒත් එක්කම මගේ පණ නැති වෙලා තිබුණ අත් කකුල් සනීප වුණා. මට සම්පුර්ණ සුවය ලැබුණා. ඒ සිද්ධියෙන් පස්සේ මගේ ගෙදර අය ඔක්කොම දෙවියන් වහන්සේ තුළ තවත් ශක්තිමත් වුණා. පස්සේ වත්තේ ඉන්න අය, අහල පහළ ගොඩක් අය දෙවියන් වහන්සේව විශ්වාස කරන්න පටන් ගත්තා. මම ඒ අයට සුභාරංචිය දේශණා කරනවා, යාච්ඤා කරනවා. දවසක් වැඩ වගයකට මට තාත්තා එක්ක කොලබ බංගලාවකට ආවා. එහෙදි පස්සේ මම ශාලොම් යාච්ඤා පවුලට එකතු වුණා. ඇවිල්ල දවසක් මම ගැලවීමේ හමුදා දේවස්ථානයක ඉන්න කොට පිරිසක් ඇතුලේ යාච්ඤා කර කර හිටියා, ඒ අය තමයි මට දෙව්සෙත් සහෝදරයව ඒ ආපු වෙලාවේ හදුන්වලා දුන්නා. මම හිටියේ යාච්ඤාව අහගෙන, brother කිව්වා ඔබව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යනවාbrother , ඔබව දේව මන්දිරයට උසස් කරන්න යනවා කියල, මට හරිම පුදුම හිතුණා. මම එතන මාස දෙකක් විතර වැඩ කර, ඒ නිසා මට ඒ අය එක්ක හොද සම්බන්දකමක් තිබුණා. දෙව්සෙත් brother කිව්වා ලාල් brother ව හම්බවෙන්න කියල. මම ලාල් සහෝදරයව හම්බවුණා, මම එය ඉස්සරහ වාඩි වෙන්න තරම් ලොක්කෙක් නෙමෙයි. එයාගේ යටත් කම, එයාගේ කථාව අහන කොට මම තවත් ශක්තිමත් වුණා. මම දෙව්සෙත් brother එක්ක යාච්ඤා කළා, මම එළිවෙනකම් යාච්ඤා කළා.දෙවියන් වහන්සේට මම ආදරය කරා. දවසක් ශාලොම් එකේ අය අපේ ගෙදර ඇවිත් යාච්ඤා කළා. මට ගෙයක් හරියකට තිබුණේ නෑ. ආපු යට වැඩි වෙන්න පුටු තිබ්බෙත් නැ. දෙව්සෙත් brother යාච්ඤා කරන ගමන් කිව්වා මෙතනට දෙවියන් වහන්සේ ලොකු ගෙයක්, බිල්ඩින් එකක් දෙනවා කියලා. ඒත් මට තිබුණේ පොඩි ඉඩමක්, ඒ නිසා මම ඒ දේ එදා විශ්වාස කරේ නැ. මෙහෙම කාලය ගත වෙලා මාස 8ක් ගියාම මගේ ව්‍යාපාරය හොද වෙලා මම බිල්ඩින් එකක් ගැහුවා. ඒත් මට අමතක වුණා එක දෙවියන් වහන්සේ කියපු දෙයක් කියලා. දවසක් මම ගෙදර හාන්සි පුටුවේ වැඩි වෙලා ඉන්න කොට මට මතක් වුණා මේක දෙවියන් වහන්සේ මට දීපු දෙයක් කියලා. ඒ වෙලාවේම මම brother ට කෝල් කරලා මේ ගැන කිව්වා. දැන් අපේ ගොඩක් අය දෙවියන් වහන්සේ තුළ ගැලවිලා ඉන්නේ. මගේ පොඩි පොඩි වැරදි තිබ්බට අපි දෙවියන් වහන්සේ තුළ ස්ථිරව ඉන්න කොට අපට ගැලවීම ලැබෙනවා. දේව කරුණාව නිසා තමයි අද මම මේ විදිහේ ජිවිතයක් ගෙවන්නේ. දෙවියන් වහන්සේට සියලු ගෞරවයත්, මහිමයත් වේවා. ආන්දවන්